රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවෙන් පිටත් වේ

නොවැම්බර් 24, 2021

පසුගිය සඳුදා දින ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් අද (නොවැ 24) දිවයිනෙන් පිටත්ව ගියේය.

සිය සංචාරය නිමා කර රුසියාව බලා පිටත්වන පට්රුෂෙව් මහතාට සමුදීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා සහ නාවික හා ගුවන් හමුදාපතිවරුද මේ අවස්ථාව සඳහා සහභාගී විය.