ගුවන් හමුදා භටපිරිස් වෙතින් අනුරාධපුර ශික්ෂණ රෝහල සඳහා ලේ දන්දීමක්

නොවැම්බර් 26, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා, ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වනු ලැබූ අතර, ගුවන් හමුදා සහ සිවිල් නිලධාරීන් 400කට ආසන්න පිරිසක් ඒ සඳහා දායක වන ලදී.

මෙම වැඩසටහන අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ 39 වන සංවත්සර දිනය සහ අභිනවයෙන් ස්ථාපිත කරන ලද උතුරු ගුවන් විධාන මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව පැවැත්වූ බව ගුවන් හමුදා මාධ්‍ය පවසයි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ රෝහල් වෛද්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ජාතික තරුණ සේවා සභා රංග පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වුණු බව එහි සඳහන් වේ.

උතුරු ගුවන් විධානය ඇතුලු මුලික කඳවුරුවල ගුවන් හමුදා සාමාජිකයින් මෙම වැඩසටහනට සහභාගී වන ලදී.