යුද හමුදාව තවත් කාබනික පොහොර කිලෝ 91,000ක් නිපදවයි

නොවැම්බර් 29, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ  91,000 ක තොගයක් සීමාසහිත ලංකා පොහොර සමාගම වෙත භාරදීම පසුගියදා ත්‍රිකුණාමලයේ 22 වන සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී සිදුවිය.

ගොවි ප්‍රජාව අතර බෙදා හැරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සීමාසහිත ලංකා පොහොර සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) දම්මික රත්නායක මහතා වෙත මෙම පොහොර තොගය සංකේතාත්මකව භාරදුන් බව යුද හමුදාව පවසයි.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ උපදෙස් මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භට පිරිස් විසින් මෙම කාබනික පොහොර තොගය නිෂ්පාදනය කර ඇත.

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, මෙම කාබනික පොහොර තොගය භාරදීමේ මෙම අවස්ථාව සංවිධානය කර තිබු බව යුද හමුදාව පවසයි.