මුලතිව්හි හානියට පත් වැව් බැම්මක් සෙබළුන් පිළිසකර කරයි

නොවැම්බර් 30, 2021

මුලතිව් සෙම්මමොද්දායි වැව කැඩී යාමේ අවධානම උතුරේ යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් පසුගියදා වළක්වන ලදි.

සෙම්මමොද්දායි වැවේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් වැව් බැම්මෙන් ජලය කාන්දුවීම හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වු ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත පූනරින්, පල්ලිකුඩා ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම වැව් බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ බව යුද හමුදාව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ භට පිරිස් විසින් වැව් බැම්ම තවදුරටත් ඛාදනය වීම වැළැක්වීමට සහ සිදුවිය හැකි ව්යසනය වළක්වා ගැනීම සඳහා වැලි කොට්ට යොදා වැව් බැම්ම පිළිසකර කර ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පෙර නොවූ විරූ වර්ෂාපතනයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුර සහ නායයෑම් ඇති විය. වැව් සහ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට පැමිණ ඇති අතර බොහෝ ගංගා සහ ඇළ මාර්ග පිටාර ගැලීමෙන් පහත් බිම්වල ගංවතුර ඇති වේ.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව ආපදා කළමනාකරණ බලධාරීන් මෙම අයහපත් කාලගුණ තත්ත්වය තුළ ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා සීරුවෙන් සිටි