උතුරේ රෝහල් සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමක්

දෙසැම්බර් 03, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා (දෙසැම්බර් 01) යාපනය අර්ධද්වීපයේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

71 වන නාවික හමුදා දිනයට සමගාමීව සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ ව්‍යාපාරයේදී, උතුරු පළාතේ රෝහල් තුළ පවතින රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් නාවික හමුදා සාමාජිකයින් 287ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දී ඇති බව නාවික හමුදා මාධ්‍ය සඳහන් කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මගපෙන්වීම යටතේ උතුරු නාවික විධානයේ නෞකා සහ ආයතනයන්ට අයත් නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී මෙම වැඩසටහන කොවිඩ් - 19 වැලැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.