ගුවන් හමුදා භට පිරිස් වෙතින් ත්‍රිකුණාමලය රෝහලට ලේ පරිත්‍යාගයක්

දෙසැම්බර් 05, 2021

ත්‍රිකුණාමලය මහ රෝහලේ සහ රුධිර බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා මොරවැව කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස ගේ මගපෙන්වීම මත කඳවුරේ නිළධාරීන් සහ ගුවන් භටයින් මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්හ.