යුද හමුදාවෙන් පැළ සිටුවීමේ සහ පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්

දෙසැම්බර් 06, 2021

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මෑතකදී තලාව ගලයාය ඉංජිනේරු සේවා පුහුණු පාසලේදී කුඹුක්, මී සහ පොල් පැළ 250 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

යුද හමුදා ඉංජිනේරු සේවා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් මිල්රෝයි පෙරේරා ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති අතර මේ සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ  සහ මහවැලි අධිකාරියේ සහයෝගය ලැබී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

තවද, කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ජාතික ව්‍යාපාරයට සහය ලබාදීම සඳහා ඉංජිනේරු සේවා පුහුණු පාසල විසින් කාබනික පොහොර සහ දියර පොහොර කිලෝ 2000ක් පමණ නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බවද යුද හමුදාව පවසයි.