යුද හමුදා ක්‍රීඩකයින් බංගලාදේශයේ දී බැඩ්මින්ටන් ශුරතාවයක් දිනා ගනී

දෙසැම්බර් 07, 2021

ශ්‍රී ලංකා යුද හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් පසුගියදා බංගලාදේශයේ ඩකා නුවර පැවති ‘Yonex Sunrise Bangladesh International Challenge-2021’ තරගාවලියේ පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකා පාබල හමුදාවේ එච්.එස්.පී. ඩයස් සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ බී. ටී. ඩී. ඩී. ගුණතිලක, දෙසැම්බර් මස 05 දින පැවති මෙම තරඟයෙන් ජයග්‍රහණය ලබා ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ඉසව් සඳහා තරග කළ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.