ශෝක පණිවුඩය

දෙසැම්බර් 09, 2021

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් සහ මධුලිකා රාවත් මහත්මියගේ ඛේදනීය මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, කාර්යය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරයි. තමිල්නාඩුවේ කුනූර් හි 2021 දෙසැම්බර් 08 වන බදාදා දින සිදුවූ අනතුරෙන් ජීවිත අහිමි වූ අනෙකුත් පවුල්වලට ද බලවත් සංවේගය පළ කරයි.