සෙනගාල ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 10, 2021

ඉන්දීය සහ ශ්‍රී ලංකා සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මලික් තියව් අද (දෙසැ 10) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ පවතින පුහුණු පහසුකම් ඇතුළු ද්විපාර්ශ්වික වැදගත්කම සහිත කරුණු පිළිබඳව සෙනගාල ආරක්‍ෂක උපදේශක කර්නල් තියව් සමඟ සාකච්ඡා කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම සාකච්ඡාව සඳහා හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ සෙනගාල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක බලලත් නිලධාරි අල්යො මානේ ද එක්විය.

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පැවැත්විණි.