ජයග්‍රහණ රැසක් රණවිරු සේවා අධිකාරියට හිමිකර දෙමින්
ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අවසන් වේ

දෙසැම්බර් 13, 2021

2021 ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී  2021 දෙසැම්බර් මස එකොළොස් වන සෙනසුරාදා දිනය පුරා පවත්වන ලදි.

මෙහිදී විවිධ කාණ්ඩයන් යටතේ තරඟ 52 ක් පැවැත්වූ අතර, ඒ සඳහා විවිධ ආබාධිත තත්ත්වයන් යටතේ සිටින ක්‍රීඩකයන් සියයකට අධික ප්‍රමාණයක් දිවයින පුරා පිහිටි ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සහභාගි වන ලදි.
 
තවද රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් තරඟ බිමට එක්වූ බැඩ්මින්ටන් (Badminton) ක්‍රීඩකයින් විසින් කැපී පෙනෙන ජයග්‍රහණ කිහිපයක් අත්පත්  කර ගන්නා ලදි.

SU 5 කේවල කාණ්ඩයෙන් රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් තරඟ වැදුණු කෝප්‍රල් ක්‍රිෂාන්ත HTG එම කාණ්ඩයේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. එම කාණ්ඩයෙන්ම තරඟ වැදුණු සැරයන් ප්‍රනාන්දු D විසින් එහි අනුශූරතාවය දිනා ගන්නා ලදි.

SU5 යුගල කාණ්ඩයෙන් රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් තරඟ වැදුණු කෝප්‍රල් චන්දිමාල් GR සහ කෝප්‍රල් ක්‍රිශාන්ත HTG එහි ශූරතාවය හිමිකර ගන්නා ලදි. එහි අනුශූරතාව සැරයන් ප්‍රනාන්දු විසින් හිමිකර ගන්නා ලදි.

මෙම අවස්ථාව වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම් භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන සහභාගි වන ලදි. තවද මෙම ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලද්දේද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බැඩ්මින්ටන් තරඟ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටින මේජර් හිනිදුමගේ චන්දන විසිනි.

මෙම ජයග්‍රහණය ජාතික පැරා ක්‍රීඩා තරඟාවලියකදී රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම ලද ප්‍රථම ජයග්‍රහණය වශයෙන් රණවිරු සේවා අධිකාරියේ  ක්‍රීඩා ඉතිහාසයට එකතු වනු ඇත.