දකුණු පළාතේ රණවිරු ගැටළු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක්

දෙසැම්බර් 14, 2021

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් කාර්යාල වලින් රණවිරුවන් වෙත සැපයෙන සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සිදු කරන ලදී.

මෙහිදී දකුණු පළාතේ සිටින රණවිරුවන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිම සිදුකරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර සහ එහි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් (විශ්‍රාමික) කිත්සිරි ඒකනායක ඇතුළු නිළධාරින් පිරිසක් මේ සඳහා සහභාගි වුණා.