පැරා බැඩ්මින්ටන් ජයග්‍රහණ කිහිපයක් රණවිරු සේවා අධිකාරියට

දෙසැම්බර් 17, 2021

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැති 69 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ප්‍රථම වරට සංවිධානය කරන ලද ආබාධිත බැඩ්මින්ටන් තරඟාවලිය සහ පසුගිය දා අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නිමාවට පත් වූ 2021 ජාතික පැරා බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කළ රණවිරු සේවා අධිකාරියේ බැඩ්මින්ටන් කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දක්වන ලදි.

එහිදී රණවිරු සේවා ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුනු කෝප්‍රල් ක්‍රිෂාන්ත එච්ටීජී, සැරයන් ප්‍රනාන්දු ඩී සහ කෝප්‍රල් චන්දිමාල් ජීආර් විශිෂ්ට ලෙස තරග කර ශූරතාවන් හා අනුශූරතාවන් ලබා ගෙන ඇත.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයන් රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර ඇතුළු නිලධාරීන්ගේ ඇගයීමට ලක්විය.

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම් භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන විසින් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කරන ලද සේවය ද සභාපතිවරයාගේ පැසසුමට ලක්විය.