නාවික හමුදාව හව්පේ මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කරයි

දෙසැම්බර් 24, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද විද්‍යාගාරය මෑතකදී සිසු අයිතියට භාර දෙන ලදී.

මෙම විද්‍යාගාරය භාරදීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයට ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ නාවික ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ සහභාගී විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ආචාර්ය කිශානි උඩුගම්පල මහත්මියගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව දක්ෂිණ නාවික විධානයේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම පරිගණක විද්‍යාගාරය නවීකරණය කරන ලදී.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙම උත්සවය පවත්වන ලදී.

හව්පේ මහා විද්‍යාලයේ විදුහල්පති අරවින්ද ඩයස් නාගහවත්ත මහතා, ආචාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිසුන් සහ දෙමාපියන් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sinhala.