රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික ක්‍රියාකාරී සැලස්ම සඳහා වැඩමුළුවක්

දෙසැම්බර් 28, 2021

රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන අංශ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂික සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබාදීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 27 වන සදුදා රණවිරු සේවා අධිකාරියේ දී සංවිධානය කරන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සමාජ විද්‍යා අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය විජයන්ත උක්වත්ත මහතා සහ විවෘත විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව, උපදේශනය සහ සෞඛ්‍ය අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චූලානි හේරත් මහත්මිය විසින් හරවත් දේශනයන් ඉදිරිපත් කරන ලදී.

මෙහිදී රණවිරු සේවා අධිකාරිය විසින් 2022 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් සහ වාර්ෂික සැලසුම් සකස් කිරීමේදී සිදු කළ යුතු න්‍යායාත්මක සහ ප්‍රායෝගික භාවිතාවන් පිළිබඳ දැනුම හුවමාරු කර ගන්නා ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ උපදෙස් මත සංවිධානය කළ මෙම එක් දින විශේෂ පුහුණු වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ වැඩසටහන් නිලධාරීන්  සහභාගී වන ලදී.