වාර්ෂික“ඇසල පෙරහැර” සාර්ථකව අවසන් වේ

අගෝස්තු 15, 2019

බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර කිරීම සඳහා පවත්වනු ලබන ඓතිහාසික අසිරිමත් පෙරහැර මංගල්‍යය වන වාර්ෂික “ඇසල පෙරහැර” ඉතා සාර්ථක අවසන් වන ලදී. මෙම මස (අගෝස්තු 05) මුලදී ආරම්භ වූ මහා සංස්කෘතික සංර්ශනය පසුගිය දින දහය පුරා ඓතිහාසික මහනුවර නගරයේ දී පැවැත්විණි. අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (අගෝස්තු 14) දින රාත්‍රියේ පැවැත්විණි.

ඇසල පෙරහැර ආරම්භ වීමට පෙර සහ පෙරහැර පැවැත්වූ කාල සීමාව පුරාවටම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක  දෙපාර්තමේන්තු සාමාජිකයින් විසින් සිදු කල ඒකාබද්ධ මෙහෙයුම් මගින් මෙවර ඇසල පෙරහැර සදහා විශේෂ ආරක්‍ෂක  විධිවිධාන ක්‍රියාත්මක කරන ලදී. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් පෙරහැර ආරම්භයට පෙර පෙරහැර සදහා සහභාගී වන බැතිමතුන්, සංචාරකයින්, රංගන ශිල්පීන් සහ නගර වැසියන්ගේ උපරිම ආරක්ෂාව සහතික කිරීම සදහා විශේෂ රැස්වීම් වට කිහිපයක් පවත්වා ඇත. පෙරහැර ආරම්භයට පෙර (අගෝස්තු 04) දින ඒ සදහා වූ විශේෂ ආරක්‍ෂක  විධිවිධාන පරීක්ෂා කිරීම සඳහා පුද්ගලිකවම මහනුවර සංචාරයක නිරත විය.

පෙරහැර පැවැත්වූ කාල සීමාව පුරාවටම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක  දෙපාර්තමේන්තු සාමාජිකයින් විසින් ජනතාවගේ සහ ස්ථානවල පූර්ණ ආරක්ෂාව සහතික කිරීම සඳහා සිදු කල කාර්යශීලීතාවය සහ කැපවීම මනාව පිලිබිබු වන ලදී. මෙවර පැවති පෙරහැර සදහා විශාල ජනකායක් සහභාගී විය. පෙරහැර සදහා වූ ආරක්‍ෂක  විධිවිධාන කෙරෙහි පූර්ණ විශ්වාසය මත දේශීය හා විදේශීය ජනතාව කඳුකර අගනුවරට පැමිණෙන ලදී.