රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ
සැකකරුවන් 05දෙනෙකු නාවික හමුදා භාරයට

දෙසැම්බර් 31, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුහන්දිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 26ක් වටිනා ගංජා තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් ඊයේ (දෙසැ 30) දින අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගෝඨාභය ආයතනය මගින් මුලතිවු පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදි තුනකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝ 89 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් මඟින් දේශීයව නිශ්පාදිත නීති විරෝධී ගිනි අවියක් සමඟ තවත් සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 26කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 43ත් අතර වයස්වල පසුවන විශ්වමඩු දකුණ, උදයාර්කට්ටු, උදයාර්කට්ටු දකුණ සහ මුංගිලාරු දකුණ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් කේරළ ගංජා තොගය, යතුරුපැදි සහ ගිනි අවිය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.