කාබනික පොල් වගාව නගාසිටුවීම සඳහා රණවිරු සේවා අධිකාරියෙන් වැඩසටහනක්

දෙසැම්බර් 31, 2021

අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් සදහා පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී පසුගියදා පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී තරනි නිවර්තිකාගේ විශේෂ ආරාධනයෙන් මෙම වැඩසටහන සදහා අම්පාර දිස්ත්‍රික් පොල්වගා කිරීමේ මණ්ඩලයෙහි සහකාර ප්‍රාදේශීය කලමනාකරු මෙන්ම ගොවිපල සැලසුම් නිලධාරී හා මහඔය පොල්වගා සංවර්ධන නිලධාරී ද සම්පත් දායකයින් වශයෙන් මෙම වැඩසටහන සඳහා එක් විය.

මේ සඳහා සහභාගි වූ රණවිරුවන් පනස් දෙනෙකු අතරේ බඳුන් පොල් පැළ සියයක් නොමිලේ බෙදා දීම ද වැඩසටහන අවසානයේ සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී, ආචාර්ය ඒ.වී. කේ මාධවී හේරත් මහත්මිය විසින් මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.