ආරක්‍ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ
“E-පුස්තකාලය” ලෙස නව විශේෂාංගයක්

ජනවාරී 01, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk එහි නවතම විශේෂාංගය ලෙස ‘E-පුස්තකාලයක් (Virtual Library)’ එක් කර ඇති අතර, පාඨකයින් හට තම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා නොමිලේ ලබා ගත හැකි විද්‍යුත් පොත් රාශියක් වෙත පිවිසීමට මෙමගින් පහසුකම් සැලසේ.

ආරක්‍ෂක අංශයක් විසින් ප්‍රථම වරට හඳුන්වාදුන් මෙම සුවිශේෂී සංකල්පය, දැනුම එක්රැස් කිරීම සඳහා තොරතුරු මූලාශ්‍රවල ප්‍රවේශය පුළුල් කිරීම සඳහා වේදිකාවක් සැපයීම අරමුණු කර ඇති අතර, එමඟින් වඩා හොඳ අවබෝධයක් සහ සන්නිවේදනයක් මෙන්ම සිවිල් / හමුදා ක්‍රියාකාරිත්වයක් ගොඩනැගීමට හැකි වේ. තවද මෙරට, කලාපය තුල දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයකින් මෙවන් මුලපිරීමක් සිදුකිරීම ඒ සඳහා ගත් කාලෝචිත පියවරකි.

www.defence.lk /publication/e_book_cat දිගුව හරහා මෙම ග්‍රන්ථවලට පිවිසිය හැකි අතර වෙබ් අඩවියට පිවිස මෙම පහසුකම නොමිලේ ලබාගැනීමට හැකියාව ලැබේ.