රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා රිදී සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

දෙසැම්බර් 31, 2021

2019 මූල්‍ය වර්ෂයට අදාළව රාජ්‍ය අංශයේ ‘වාර්ෂික වාර්තාව සහ ගිණුම්’ සඳහා වන රිදී සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනමන ලදී.

අභ්‍යන්තර විගණක අණදෙන, වින්ග් කමාන්ඩර් ආර්.ආර්.සෝමතිලක විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී ගුවන් හමුදාව වෙනුවෙන් මෙම සම්මානය ලබා ගන්නා ලදී.

මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති බව ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය හා එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ඉන් අනතුරුව, වින්ග් කමාන්ඩර් සෝමතිලක විසින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙත ගුවන් හමුදා මූලස්ථානයේදී මෙම සම්මානය පිරිනමන ලදී.

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශවලට ප්‍රමුඛත්වය දෙමින් 5 වැනි වරටත් මෙවර මෙම තරගය පවත්වන ලද බව ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.