ආරක්‍ෂක අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතනවල නව වසරේ වැඩ ආරම්භ කිරීම ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

ජනවාරී 04, 2022

ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල 2022 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඒ අනුව, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු අංශයේ කාර්ය මණ්ඩල විසින් ජනවාරි 03 වන දින සංවිධානය කරන ලද උත්සව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජෙනරල් ගුණරත්න මහතා සහභාගී විය.