සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 2022 වසරේ රාජකාරී කටයුතු අරඹයි.

ජනවාරී 05, 2022

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 03 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 2022 වසර සඳහා රාජකාරී ආරම්භ කරන ලදී.

එහිදී අධ්‍යක්‍ෂ ජනරාල්තුමන් විසින් 2022 නව වසර වෙනුවෙන් සුභාශිංසන එක් කරමින් රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කර ගනිමින් විනයගරුක, නීතිගරුක, ගුණගරුක, සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා පැවරෙන රාජකාරීන් කාර්යක්‍ෂමව, ඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිම කැපවීමෙන්, අවංකභාවයෙන්, මහජනතාවට පක්‍ෂපාතීව හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු කරන මෙන් උපදෙස් ලබා දෙන ලද අතර, මේ සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සමඟ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේනතුවේ රාජකාරී කරන සියලුම සාමාජික සාමාජිකාවන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සහභාගී විය.

අනුග්‍රහය - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව