රණවිරු සේවා ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩකයන් වෙත ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක්

ජනවාරී 08, 2022

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් පසුගිය වසරේ විශේෂ දක්ෂතා හිමිකරගත් මලල ක්‍රීඩකයන් දෙදෙනකුට සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් තිදෙනෙකු සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම ජනවාරි මස 07 වැනි දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුකරන ලදී.

ක්‍රීඩකයින් සඳහා අවශ්‍ය විශේෂ පෝෂ්‍ය පදාර්ථ සහිත ශක්තිජනක පානයන්ද මෙහිදී ඔවුන් වෙත ලබාදුන් බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

අනාගතයේ දී ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජයගැනීම සඳහා පහසුකම් සලසමින් සහ ඒ සඳහා ඔවුන් දිරි ගැන්වීමේ අරමුණින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් මෙම පරිත්‍යාගයන් ලබා දීමට කටයුතු කරන ලදී.