රණවිරු බිරිඳකට රණවිරු සේවා අධිකාරියෙන් නව නිවසක්

ජනවාරී 07, 2022

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ තෝරා ගත්, ක්‍රියාන්විත හේතුන් මත දිවිපිදූ ආර්.ටී.ඩී. ස්වර්ණසිංහ රණවිරුවාගේ බිරිඳ වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා (ජනවාරි 05 ) සිදුකරනු ලැබීය.

කඩුවෙල රනාල ප්‍රදේශයේ ඉදිකල මෙම නව නිවස, නිවාස ප්‍රතිලාභී රණවිරු බිරිඳ වන බිමල්කා රොෂානි මහවෙදගේ මහත්මිය වෙත ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එම්.ඩී.ඩී.ෂෙල්ටන් මහත්මිය හා කොළඹ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී නයනි දාබරේ මහත්මිය සහභාගී වන ලදී.