උතුර පදනම් කරගත් හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය තවදුරටත් බලගැන්වේ

ජනවාරී 12, 2022

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා යාපනයේ ‘හරිත කෘෂිකර්මය’ කේන්ද්‍ර කරගත් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේදී එම ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඔවුන් සාකච්ඡා කර ඇත.