ඊජිප්තු නව තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 12, 2022

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපති, අතිගරු මජෙඩ් මුස්ලෙහ් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී අද (ජනවාරි 12) දින හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා ඊජිප්තු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික වැදගත්කම සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් ජෙනරල් ගුණරත්න විසින් ඊජිප්තු තානාපතිවරයා වෙත තිළිණයක් සහ ඔහු විසින් රචිත ග්‍රන්ථයක් ප්‍රදානය කළේය.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවැත්විණි.

ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිවරයා 2021 දෙසැම්බර් 21 වන දින ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.