බංග්ලාදේශ නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 19, 2022

බංග්ලාදේශ නාවික හමුදාපති අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් අද (ජනවාරි 19) දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා බංගලාදේශ නාවික හමුදාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර කලාපීය ආරක්‍ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය මැඩලීම සහ හමුදා පුහුණු හුවමාරුව ඇතුලු ද්විපාර්ශ්විකව වැදගත්වන කරුණු පිළිබඳව ඔහු සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

සාකච්ඡාවෙන් අනතුරුව ජෙනරල් ගුණරත්න සහ අද්මිරාල් ඉක්බාල් අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවැත්වූ අතර ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් සුමිත් නන්දන ද මේ සඳහා එක්විය.