යුද හමුදාවෙන් රටපුරා බූස්ටර් එන්නත් ලබාදීම අඛණ්ඩව

ජනවාරී 23, 2022

ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය විසින් වයස අවුරුදු 20ට වැඩි සියලුම දෙනා සඳහා Pfizer booster මාත්‍රාව ලබා දෙමින් කොවිඩ්-19 වසංගතයට එරෙහිව ජාතික එන්නත් කිරීමේ වැඩසටහන දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

වෛද්‍ය බලකා භට පිරිස් කලාපීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සහ නිලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රියාවලිය දිගටම කරගෙන යන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

එන්නත් කිරීමේ මධ්‍යස්ථාන තුළ සහ ජංගම එන්නත් ඒකක හරහා ද එන්නත් කිරීමේ වැඩසටහන සිදු කරනු ලබන අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බව යුධ හමුදාව පවසයි.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.