රුපියල් මිලියන 24කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා නාවික හමුදා අත්අඩංගුවට

ජනවාරී 23, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය සිකුරාදා (21) සවස යාපනය, චූලිපුරම් ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 24කට අධික වටිනාකමකින් ගංජා කිලෝ 80 යි ග්රෑම් 500 ක් සැකකරුවෙකු ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය සහ කන්කසන්තුරේ පොලිසිය විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී චූලිපුරම් ප්‍රදේශයේ නිවසකින් ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

මෙම ගංජා තොගය ගෝනි 5ක පාර්සල් 38ක් ලෙස අසුරා තිබියදී සොයා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම මෙහෙයුම සිදු කල බව නාවික හමුදාව තහවුරු කරන ලද අතර චූලිපුරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසිය වෙත භාරදී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.