නාවික හමුදාව ගාල්ල වෙරළ තීරය පිරිසිදු කරයි
ජනවාරී 24, 2022ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ගාල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය සාගරයට එක්වීම වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් වෙරළ පිරිසිදු කිරීම සිදු කරයි.
දක්ෂිණ නාවික විධානය යටතේ ක්‍රියාත්මක වන නාවික ආයතන දෙකක් සිවිල් වැසියන්ගේ සහාය ඇතිව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කල බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවැට, ගාල්ල ධීවර වරාය, ගාලු කොටුව, දඩල්ල සහ ගිංතොට මෝය යන වෙරළ ප්‍රදේශවල ප්ලාස්ටික් සහ පොලිතින් ඉවත් කිරීමෙන් පසු වෙරළ තීරය පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව නාවික හමුදාව පවසයි.
කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කරන ලදී.
 
                                       
                                       
                                       
                                       
                                       
                                       
                                       
                                      