එන්නත් සතිය තුළ යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් බූස්ටර් මාත්‍රාව සපයයි

පෙබරවාරි 02, 2022

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ‘එන්නත් සතිය’ තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජංගම වෛද්‍ය කණ්ඩායම් විසින් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීමේ වැඩසටහන රට පුරා ආරම්භ කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ට බූස්ටර මාත්‍රාව ලබා දීමට කටයුතු කල බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.