තුර්කි ආරක්‍ෂක උපදේශක මෙරට ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 02, 2022

ශ්‍රී ලංකාව සඳහා වන තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්යා මෙරට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 2) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී හමුවිය.

මෙහිදී තුර්කි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් සමඟ ද්විපාර්ශවිකව වැදගත් වන අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකද  නිරත විය.

රටවල් දෙක අතර පවතින සුහදත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගී සබඳතා පිළිබඳව සිහිපත් කරමින් ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමක් වශයෙන් හමුදා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්‍ෂක  උපදෙස් වලට අනුකූලව පැවති මෙම හමුව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නායක්කාර ද එක්ව සිටියේය.  

නයිජීරියානු ආරක්‍ෂක උපදේශකවරයා ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම් උළෙල සඳහා සහභාගී විමට නියමිතය.