සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

පෙබරවාරි 09, 2022

සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක් සහ සහායක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 09) දින රත්නපුර කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන කඳවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.