රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රදානයේ තවත් අදියරක් සෙන්කඩගල දී

පෙබරවාරි 10, 2022

මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක්, කෘතිම පාද, ඇස් කණ්නාඩි යූවල් සහ ආබාධිත සහයක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ ( පෙබරවාරි 09 ) දින මහනුවර දෙවන සිංහ රෙජිමේන්තු කදවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.