වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් කාන්දු ප්‍රතිචාර
කුසලතා ඇගයීම සඳහා ජපාන ආයතන

පෙබරවාරි 14, 2022

ජපාන වෙරළාරක්ෂක බලකායේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ  (JICA) ගෙන් සමන්විත දූත පිරිසක් තෙල් කාන්දු අභ්‍යාසවල මූලික සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (පෙබ 13) වැල්ලවත්තේ පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක (SLCG) පසු මූලය වෙත පැමිණෙන ලදී.

තෙල් කාන්දුවීම් වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා උපදේශන සේවා සැපයීමේ ‘අදියර III’ ව්‍යාපෘතිය ලෙස ගිවිසුමකට අනුව මෙය සිදු කෙරෙන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යක්ෂ කපිතාන් චන්දන ප්‍රියන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම දූත පිරිස සමඟ සාකච්ඡා පවත්වන ලදී.

තවද, ඉදිරි දිනවලදී තෙල් කාන්දුවීම් වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇගයීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිත බව ද ඔවුන් පැවසිය.

ජපාන වෙරළාරක්ෂක බලකාය  සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය  විසින් 2015-2017 කාලසීමාවේදී මෙහි 'අදියර I' ව්‍යාපෘතිය (වෙරළබඩ තෙල් කාන්දු ප්‍රතිචාර පුහුණුව පළමු මට්ටම දක්වා) සහ 2019 - 2021 කාලසීමාවේදී 'අදියර II' ව්‍යාපෘතිය  (බෝට්ටු ආධාරයෙන් මුහුදේ තෙල් කාන්දු ප්‍රතිචාර දැක්වීමේ කුසලතා) හරහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත තෙල් කාන්දු ප්‍රතිචාර හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා උපදේශන සේවාව සිදු කර ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කෝජි සුචියාගේ නායකත්වයෙන් යුත් ජපාන දූත පිරිසට දයිකි මයෙනෝ, හිර්යුකි ෆුකුශිමා, ඉචිහරු ටනාකා, යෝශිමි කරසවා සහ සිමඩා කසුකි යන නියෝජිතයින් ඇතුලත් විය.