කොතලාවල විශ්වවිද්‍යාල රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් සඳහා නව වාට්ටු පහසුකම්

පෙබරවාරි 16, 2022

වේරහැර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් සඳහා (5B වාට්ටුව) වාට්ටු පහසුකම්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස්ගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 15 වැනි දින විවෘත කරන ලදී.

විශ්වවිද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය බී ජයන් මෙන්ඩිස්, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පීඑස් තිලකරත්න, පරිපාලන අධ්‍යක්‍ෂ කර්නල් ඊඑම්ජීඑච්ජේබී දෙහිදෙණිය, වෛද්‍ය ජයන්ත බලවර්ධන, වෛද්‍ය සචිනි රස්නායක, වෛද්‍ය අරුණ ප්‍රනාන්දු සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.
 
තවද, මෙම වාට්ටු පහසුකම් ඉදිකිරිම සඳහා දායක වූ “Siyol International (Pvt) Ltd” සහ “Hemas Pharmaceuticals (Pvt) Ltd” හි නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.