උතුරු මැද පළාතේ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

පෙබරවාරි 17, 2022

උතුරු මැද පළාතෙහි තෝරාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම පසු ගියදා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර තරුණ සේවා සභාවේ යොවුන් නිකේතනයේ දී සිදුවිය.

රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා කෘතිම පාද, ඇස් කණ්ණාඩි, සුදු සැරයටි, සෞඛ්‍ය සහ ආබාධිත උපකරණ ලබාදීම ද මෙම වැඩසටහනේදී සිදු විය.