ශ්‍රී ලංකා නාවික හමුදාපති පාකිස්තාන නාවික හමුදාපති හමුවෙයි

පෙබරවාරි 24, 2022

නිල සංචාරයක් සඳහා පාකිස්තායට ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පෙබරවාරි 22 වන දින පාකිස්තාන නාවික හමුදා මූලස්ථානයේදී පාකිස්තාන නාවික හමුදාපති අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි හමුවිය.

කලාපීය ආරක්‍ෂාව සහ ද්විපාර්ශ්වික වැදගත්කම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු වූ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාපතිවරයා පාකිස්ථානයේ නිල සංචාරයක් සඳහා පෙබරවාරි 21 වන දින දිවයිනෙන් පිටත්ව ගිය බව ද නාවික හමුදාව පවසයි.