සඳහිරු සෑ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ 
පුණ්‍යෙත්සවය මාර්තු 5 වනදා                          
                        
                          පෙබරවාරි 24, 2022                            
                        
                    සඳහිරු සෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් රථ පෙරහැර මාර්තු මස 4 වන සිකුරාදා උදෑසන 9.00ට මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයෙන් ආරම්භ කෙරේ.
බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් රථ පෙරහැර දඹුල්ල සහ මිහින්තලය හරහා අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රය වෙත ගමන් කිරීමට නියමිතය.
ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ පිංකම මාර්තු මස 5 වන දින උදෑසන 08.30 සිට සඳහිරු සෑ පුදබිමේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.