ශ්‍රී ලංකා ඉන්දීය ත්‍රිවිධ හමුදා ද්වීපාර්ශවික සුහද සංචාරය නිමවේ

ජුනි 19, 2019

ඉන්දීය ත්‍රිවිධ හමුදා හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය තෙදින සංචාරය නිමා කිරීමෙන් අනතුරුව අගහරුවාදා (ජූනි 18) දින ඉන්දියාව බලා පිටත් වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඉන්දීය ත්‍රිවිධ හමුදා හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් යුත් මෙම සංචාරකයින් පිරිස පසුගිය සෙනසුරාදා (15) දින දිවයිනට පැමිණියහ. මේ අතර ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 162 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෙනසුරාදා (ජූනි 15) දින ඉන්දියාව බලා පිටත්ව ගියහ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාව අතර සහයෝගිතාව සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇත.

මෙම ඉන්දියානු දුත පිරිස තම ලංකා සංචාරය අතරතුර දළදා මාලිගාව, පින්නවල අලි අනාථාගාරය සහ ගාල්ල ප්‍රදේශයද සංචාරය කරන ලදී.

ඉන්දියාවේ සංචාරය කල ශ්‍රී ලංකා දූත පිරිස පූජනීය බුද්ධගයාවද වැඳපුදා ගෙන ලංකාවට පැමිණ ඇත.