ශ්‍රි ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 24, 2022

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රධානී මැණික් අමරසිංහ මහත්මිය අද (පෙබ 24) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

සුහද සාකච්ඡාව අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයාට එම කාර්යාලයේ ප්‍රඥප්තිය සහ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදි. මෙයට අමතරව ඉදිරි කාලය තුළදී සිදුකිරීමට අපේක්‍ෂා කරන සංවිධානයේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඔවුන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයාට විස්තර කරන ලදි.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව මෙම රැස්වීම පැවැත්විණි.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) ද මෙම රැස්වීමට සහභාගි විය.