කාබනික වී වගාවේ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වැඩි අස්වැන්නක්
ලබාගැනීමේ දැනුම රණවිරුවන්ට

පෙබරවාරි 25, 2022

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ සංවිධානයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා කාබනික වී වගාව තුලින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි සරල තාක්ෂණික ක්‍රම ඇතුළත් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් මැදිරිගිරිය, බිසෝපුර ගම්මානයේදී පසුගියදා පවත්වන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් දීප ව්‍යාප්තව වැඩසටහන් මාලාවක් රණවිරු සංසද ආශ්‍රිතව සිදු කිරීමට නියමිත අතර මෙහිදී මූලික වශයෙන් රණක්ෂිතයට පත් රණවිරු පවුල් 100 ක් ඉලක්ක කරමින් ඔවුන්ගේ ව්‍යවසාය සංවර්ධනය ඉලක්ක කොට සිදුකරනු ලබයි.

මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ අතර ඒ සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන ලදී.