සාම සාධක මෙහෙයුම් සඳහා වන එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයා මිනුස්කා හි ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වෙත පැමිණෙයි

මාර්තු 01, 2022

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වන එක්සත් ජාතීන්ගේ උප මහලේකම්, අතිගරු Jean-Pierre Lacroix ගේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ නැගෙනහිර කොටසේ නිල සංචාරය සඳහා 2022 පෙබරවාරි 25 වන දින සත්කාරකත්වය ලබා දී ඇති බව, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

මිනුස්කා හි ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත සත්කාරකත්වය දැක්වූ පළමු අවස්ථාව මෙය වන අතර ගුවන් හමුදා කණ්ඩායමේ නිලධාරී නිවස්නයේ දී කඳවුරේ ආරක්ෂාව සහ පරිපාලන කටයුතු පිළිබඳව උප ලේකම්වරයා දැනුවත් කල බව ගුවන් හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අතිරේක සහ සහකාර විශේෂ නියෝජිතයන් මෙන්ම මිනුස්කා කාර්යාල ප්‍රධානී, ආඥාපති, නැගෙනහිර කොටසේ ආඥාපති, අධ්‍යක්ෂ-මෙහෙයුම් සහාය, සහ මෙහෙයුමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.