ශ්‍රී ලංකා ගුවන් හමුදාව 71 වැනි සංවත්සරය සමරයි

මාර්තු 02, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරය අද (මාර්තු 02) දිනට යෙදී ඇති අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාව සිය සංවත්සර උත්සවය පවත්වනු ලැබීය.

රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූයේ 1951 මාර්තු 2 වැනිදාය. රාජකීය ලංකා ගුවන් හමුදාව පිහිටවූයේ 1949 අංක 41 දරන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් සමඟය.

පනත් කෙටුම්පතට අනුව නිත්‍ය ගුවන් හමුදාවක්, නිත්‍ය ගුවන් හමුදා උප සේවයක්, ස්වේච්ඡා ගුවන් හමුදාවක් සහ ස්වේච්ඡා ගුවන් හමුදා උප සේවයක් සඳහා විධිවිධාන සලසා ආරම්භ කල රාජකීය ලංකා ගුවන් හමුදාව ලංකාවේ ආරක්‍ෂක සේවයේ ලාබාලතමයා බවට පත් විය.

1972 දී ජනරජයක් බවට පත් වීමට්යිහ් සමඟ රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස නම් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ දක්වා ගුවන් හමුදාධිපතිවරුන් 18 දෙනෙකුගේ නායකත්වය යටතේ ගුවනේ ආරක්‍ෂකයින් ලෙස සේවය කර ඇති අතර ලක් ගුවන ආරක්‍ෂා කිරීම සඳහා අනාගතයේ සියලු අභියෝගවලට මුහුණ දීමට සූදානම්ව සිටී.