දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාර්තු 03, 2022

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු සැන්ඩිලේ එඩ්වින් ෂෝක් මැතිතුමා අද (මාර්තු 03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා විසින් මහ කොමසාරිස්තුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිලිබඳව සුහද සාකච්ඡාවක් මෙහිදී පැවැත්විය.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ සංචාරකයින් සඳහා රට විවෘත කිරීම පිළිබඳව මහ කොමසාරිස්තුමන් ශ්‍රී ලංකා පරිපාලනයට සිය ප්‍රශංසාව පුද කරන ලදී.

ආරක්‍ෂක ලේකම්වරයා සහ මහ කොමසාරිස්වරයා අතර පැවති මෙම පළමු හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

මහ කොමසාරිස් ෂෝක් විසින් 2021 නොවැම්බර් 16 වන දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීම සිදු කරන ලදී.

නියෝජ්‍ය මහ කොමසාරිස් / දේශපාලන උපදේශක රෙනේ එවර්සන් වානේ මහත්මිය සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගී විය.