ඉරාන තානාපති ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාර්තු 03, 2022

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු හෂේම් අෂ්ජාසාදේ මැතිතුමා අද (මාර්තු 03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම සැසිවාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ කරුණු සාකච්ඡා කළ අතර, දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වීමට තානාපති අෂ්ජාසාදේ කැමැත්ත පළ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ ඉරාන තානාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ඉරාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හෝමයෝන් අලියාරි සහ උපදේශක සොහොයිල් කෙයිරි යන මහත්වරු ද මෙම හමුවට එක්ව සිටියහ.