රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ක්‍රියාකාරී කෘතීම අත් ලබාදේ

මාර්තු 07, 2022

රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ක්‍රියාකාරී කෘතීම අත් ලබාදීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කර ඇත.

මේ සඳහා සුදුසුකම්ලාභීන් තෝරාගැනීම 2022 මාර්තු 9 වන දින රණවිරු සේවා අධිකාරියේදී පැවැත්වීමට නියමිතයි.

තවද, ඉල්ලීම් කරන ලද රණවිරුවන් 72 ක් අතරින් වැලමිටට පහල විද්‍යුත් ක්‍රියාකාරී කෘතීම අත් 20ක් සහ සාමාන්‍ය කෘතීම අත් 15ක් ලබාදීම වෙනුවෙන් සුදුසුකම්ලාභීන් තෝරාගැනීම සඳහා අතෙහි ස්නායු තත්ත්වය පරික්ෂා කිරීමේ කටයුතු පෙබරවාරි 28 සහ මාර්තු 3 යන දිනයන්හිදී සිදුකල බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩ කටයුතු සිදු කර ඇති අතර කෘතීම අත් සකසනු ලබන ආයතනයේ නිලධාරීන්, පුනුරුත්ථාපනය සහ පසු උවටැන අංශයේ නිලධාරීන් සහ අදාල කමිටු නිලධාරින් මේ සඳහා සහභාගී වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.