ගුවන් හමුදා ධජයන් සඳහා සෙත් පැතීමේ පිංකම

මාර්තු 11, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාවේ ධජයන් වෙත ආශිර්වාද කිරීමේ පිංකම, මාර්තු 10 වන දින අනුරාධපුර ‘ජය ශ්‍රී මහා බෝධි’ පරිශ්‍රයේදී පැවැත්විණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම පැවැත්විණි.

මෙම පිංකම සඳහා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී විය.