ඊජිප්තු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාර්තු 16, 2022

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු මජෙඩ් මුස්ලෙහ් මැතිතුමා අද (මාර්තු 16) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා ඊජිප්තු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්විකව වැදගත් අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ ඊජිප්තු තානාපතිවරයා අතර සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු විය.

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ අමාත්‍යාංශ නිලධාරීන් ද එක්ව සිටියහ.