රුපියල් මිලියන 52කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට

මාර්තු 20, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මාර්තු 18) මන්නාරම, ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ගංජා කිලෝ 175ක් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ගෝනි හයක අසුරා තිබූ මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 52කට අධික බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 සහ 34 යන වයස්වල පසුවන වන්කලෙයිපාඩු, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී ඇත.